අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

29
ජන2024
Operations Manual & Office Programs

Operations Manual & Office Programs

Operations Manual   මෙහෙයුම් අත්පොත කාර්යාලයේ සියලුම...

10
නොවැ2022
e Magazine

e Magazine

  “මිහිරිසර”ඉ සඟරාව මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය...

31
මැයි2021
Information Center - DS Office Mirigama

Information Center - DS Office Mirigama

මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල වෙසෙන ඔබගේ...

සමාජ සුභසාධන සහ සහන

  1. හදිසි සහන ලබාදීම
  2. අඩු අදායම් ලාබීන් සඳහා සහන ලබාදීම
  3. රෝගී තත්වයන් සහන ලබාදීම

01.මහජනාධාර

  • අඩු ආදායම්ලාභීන් අසරණ පුද්ගලයින්,රෝගීන්,අබාධීත අය සඳහා නිකුත් කෙරේ.
  • ඉල්ලුම් පත්‍රය සම්පූර්ණකොට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතට ලබා දිය යුතුය. ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සමඟ සමාජ සේවා අංශයන්ට නිර්දේශ කළ යුතුය.
  • අවුරුදු 60ට අඩු අයෙක් නම් අසනීප තත්වය මත අයදුම් කිරිමේදී වෛද්‍ය සහතිකයක් අවශ්‍යය

02.උපකරණාධාර( රෝද පුටු/ අත්වාරු/ඇස්කණ්නාඩි/කිහිලිකරු)

  • අඩු ආදායම් ලාභීයකු වීම.
  • අදාල උපකරණය භාවිතා කිරීම සඳහා වෛද්‍ය සහතිකයක්.
  • පෝරමය සමඟ ග්‍රාම නිලධාරී නිර්දේශය.

03.ශිෂ්‍යාධාර

  • පියා මිය ගිය අසරණ පවුල් වල දැනට පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා මෙම ශිෂ්‍යාධාර පිරිනැමේ.
  • ඉගෙනගනු ලබන පාස‍ලේ අධ්‍යාපනය ලබන බවට ලිපියක්. (විදුහල්පතිවරයාගේ අත්සන සහිතව)
  • උප්පැන්න සහතිකයේ පිටපතක්
  • පියා මිය ගොස් හෝ අතහැර ගොස් ඇත්නම් මරණ සහතිකයේ හෝ දිවුරුම් ප්‍රකාශයක්.

04.රෝගාධාර

  • පිළීකා, ක්ෂයරෝග,තැලසීමියා වැනි රෝග සඳහා ආධාර ලබාදීම.
  • අදාල රොගය ඇති බවට පිළිගත් වෛද්‍ය සහතිකය.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පෝරමය සම්පූර්ණ කිරීම.
  • ප්‍රාද්ශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් අඩු ආදයම් ලාභීයකු බවට සහතිකයක්.

05.ආබාධිත නිවාස ආධාර

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පොරමය සම්පූර්ණ කිරීම.
  • අයදුම් කරු සතුව ඉඩමක් තිබීම.(එය ඔප්පුවකින් තහවරු කල යුතුය)
  • ඉඩමක් නොමැතිනම් ඉඩමක් ලබාදීමට යම්කෙනෙකු කැමැත්ත ඇතිවිට ඒ සඳහා ගිවිසුම් පත්‍රය.(මෙය ප්‍රාදේශීය ‍‍ලේකම් හෝ සමාජ සේවා නිලධාරියාගේ මූලිකත්වයෙන් සිදුවේ)
  • අඩු ආදායම් ලාභීන් බවට ග්‍රාම නිලධාරී ලිපියක්.
  • ආබාධිත තත්වය පිළිබද පිළීගත් වෛද්‍ය වරයකුගේන් ලබාගත් සහතිකය.
  • කාර්මික නිලධාරීන්ගෙන් ලබා ගත් නිවාස සැලැස්ම හා ඇස්තමේන්තුව.
  • වයස තහවරු කර ගැනීමට උප්පැන්න සහතිකය හෝ හැදුනුම්පතේ ඡායා පිටපතක්.
  • රු.250000ට වැඩි ඇස්තමේන්තු සඳහා එම වැඩි ප්‍රමාණය ලබාගන්නා ආකාරය සඳහන් ලිපි ලේඛන හෝ වෙනත් ලේඛන.

06.ආබාධිත ස්වයං රුකියා ආධාර

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පොරමය සම්පූර්ණ කිරීම.
  • ආබාදිත බව සඳහන් වෛද්‍ය වාර්තාව.
  • සමාජසේවා නිලධාරී වාර්තාව.
  • ස්වයං රුකියා සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ නම් ඒවායේ විස්තර.
  • ඉල්ලුම් පත්‍රයේ සඳහන් ස්වයං රුකියා ව්‍යාපෘති වාර්තාව.
  • අඩු ආදායම් ලාභින් බවට ග්‍රාම නිලධාරී වාර්තාව.

07.ආබාධිත පුද්ගලයන් සඳහා ජීවනාධාර (රැ3000/=) දීමනාව ලබාදීම.

  • ආබාධිත තත්වය පිළිබද රජයේ වෛද්‍ය වරයකුගේන් ලබා ගත් වෛද්‍ය වාර්තාව.
  • අඩු ආදායම් ලාභි බවට ග්‍රිම නිලධාරී නිර්දේශය

08.තනි මා පිය ස්වයං රුකියා ආධාර

  • අවුරුදු 50ට අඩු ස්වාමියා මිය ගිය හෝ අතහැරගිය කාන්තාවන්ට මෙම ආධාර ලබා දේ.
  • අඩු ආදායම් ලාභින් බව ග්‍රාම නිලධාරී සහතිකය.
  • මරණ සහතිකය හෝ අතහැරගිය බවට දිව්රුම් ප්‍රකාශය.
  • පාසැල් යන වයසේ දරුවන් සිටී නම් ප්‍රමුකතාවය හිමි වේ.

09.ආපදා කළමනාකාරණ කටයුතු

  • ආධාර ලබාදීම.
  • ආධාර සඳහා පරීක්ෂණ හා නිර්දේශ කිරීම.
  • වාර්තා සැපයීම.

10.වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම

  • වැඩිහිටි සමිති පිහිටවීම.
  • අක්ෂී කාච ලබා දීම.
  • වැඩිහිටි පුද්ගලයන් නිවාස ගත කිරීම.

11.වෘත්තිය පුහුණුව

  • ආබාධිත පුද්ගලයන් සම්බන්ධව වෘත්තීය පුහුණුවට යොමු කීරීම.
  • ස්වයං රුකියාවලට යොමු කිරීම.

12.මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු

  • මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපනය

ඉඩම් පරිපාලනය

  1. ඉඩම් හිමිකාරිත්වය ලබා ගැනීම
  2. ඉඩම් බෙදාදීම
  3. ඉඩම් හිමිකාරිත්වය වෙනස් කිරීම
  4. අනුප්‍රාප්තිකයා නම් කිරීම/වෙනස් කිරීම
  5. අනුප්‍රාප්තිකයාට ඔප්පුව පැවරීම
  6. වාර්ෂික බදු
  7. අස්වැන්න සඳහා වූ බදු
  8. දීර්ග කාලීන බදු
  9. ආගමික සිද්ධස්ථාන සඳහා ඉඩම් වෙන් කිරීම

රජයේ සංවර්ධන ව්‍යාපෘති වලට අත්පත් කර ගන්නා පෞද්ගලික ඉඩම්වල හිමිකරුවන් සදහා,

  1. 01. අදාල වන්දි මුදල් ප්‍රදානය කිරිම

අවශ්‍ය ලිපි ලේඛන

  • වන්දි අයදුම්පත්‍රය (වන්දි ඉල්ලීමේ ලිපිය)
  • අදාල අත්පත් කරගත් ඉඩමේ ඔප්පුව
  • අත්පත් කරගත් ඉඩමට අදාල පිඹුර
  • අවුරුදු 10 කට වඩා පළපුරුද්දක් ඇති නීතිඥයෙකුගෙන් ලබා ගත් ඉඩමට අදාල හිමිකම් වාර්තාව
  • ඉඩමට අදාලව ආසන්න සති 2 තුළ ලබාගත් පත්ඉරු
  • අනන්‍යතාවය තහවුරු කිරිම සදහා ජාතික හැදුනුම්පත

මුදල් අය කිරීම්

වන්දිය ලබාදිමේදි රු 25000/- ට වැඩි ගෙවීම් සදහා රු 25/- ක මුද්ර ගාස්තුව

  1. 02. අත්පත් කර ගැනිමේ පනතේ 38(අ)වගන්තිය යටතේ ගැසට් පත්‍රය නිකුත් කල දින සිට වන්දි ප්‍රදානය කල දිනය දක්වා කාල සීමාව සදහා වන්දි මුදලට අදාල පොලිය ලබාදීම

අවශ්‍ය ලිපි ලේඛන

වන්දි ලබා ගැනිමට අදාල ලිපිලේඛන ඉදිරිපත් කර වන්දි ලබා ගෙන තිබිය යුතුය. පොලිය ලබා ගැනිමට ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කල යුතුය.

මුදල් අය කිරීම්

  • පොලිය ලබාදීමේදි පොලියෙන් 10% ක බද්දක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ගෙවිය යුතුය.
  • පොලිය ලබාදීමේදි රු 25000/- ට වැඩි ගෙවීම් සදහා රු 25/- ක මුද්දර ගාස්තුව
  1. 03. ඉඩම් හිමියන් සදහා ලාක් කමිටුව පැවැත්වීම හා දීමනා ලබාදීම

අවශ්‍ය ලිපි ලේඛන

වන්දි ලබා ගැනිමට ඉදිරිපත් කල යුතු ලේඛන වලට අමතරව ලාක් දීමනාව ලබා ගැනිම සදහා ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කල යුතුය.

මුදල් අය කිරීම්

ලාක් දීමනාව ලබාදීමේදී රු 25000/- ට වැඩි ගෙවීම් සදහා රු 25/- ක මුද්දර ගාස්තුව

ඉඩම් පරිපාලනය

  1. 1. ඉඩම් සංවර්ධන ආඥාපනත, ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනත හා රජයේ ඉඩම් ආඥා පනත යටතේ රජයේ හිස් ඉඩම් ගම් පුළුල් කිරිම සදහා බෙදාදීම.
  2. 2. රජයේ ඉඩම් ආඥාපනත යටතේ බෙදාදී ඇති ඉඩම්වල පසු කටයුතු

මුල් උරුමය පැවරීම

අවශ්‍ය ලේඛන

  • ප්‍රාදේශීය ලේකම් වෙත කරන ලද ඉල්ලීමේ ලිපිය
  • දීමනා පත්‍රයේ හා පිඹුරේ මුල් පිටපත් හා කොපි
  • පත්ඉරු සටහන්
  • ඉඩමේ පදිංචිකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව
  • දීමනාපත්‍රකරුගේ උරුමකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව - වයස් අනුපිළිවෙලට උපන්දිනය සහිතව
  • සියළුම උරුමකරුවන් මෙම මුල් උරුමය පැවරිමට එකඟව ලබා දෙන දිවුරුම් ප්‍රකාශය - රු 25/- ක මුද්දරයක් මත අත්සන් කර සාමවිනිසුරු ඉදිරියේ
  • දීමනාපත්‍රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතික
  • යම් උරුමකරුවෙකු මිය ගොස් ඇත්නම් මරණ සහතික මුල් පිටපත් හා කොපි

පසු උරුමය පැවරීම

අවශ්‍ය ලේඛන

  • ප්‍රාදේශිය ලේකම් වෙත කරන ලද ඉල්ලීමේ ලිපිය
  • දීමනා පත්‍රයේ සහ පිඹුරේ කොපි හා මුල් පිටපත්
  • ඉඩමට අදාල පත්ඉරැ සටහන්
  • ඉඩමේ පදිංච්කරුවන් පිළිබඳ ග්‍රාමනිලධාරී වාර්තාව
  • පසු උරුමකරුවන් එක් අයෙකුට වැඩිය නම්කරන්නේ නම් බලයලත් මිනින්දෝරුවරයකු විසින් අදින ලද පිඹුර හා කොපියක්
  • පසු උරුමකරුවන්ගේ උප්පැන්න සහතික හා පිටපත්
  • මෙම පසු උරුමය නම්කිරීම තම කැමැත්තෙන් සිදු කරන බවට ලබාදෙන දිව්රුම් ප්‍රකාශය(සාම විනිසුරු ඉදිරියේ රු.25ක මුද්දරයක් මත අත්සන් කර)
  • දීමනාපත්‍රකරුගේ වාචික ප්‍රකාශය
  • අදාල ආකෘතිය සම්පූර්ණ කර පළමු පිටුවේ සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ලෙස ග්‍රාම නිලධාරී අත්සන් කළ යුතුය

සියළුම උරුමකරුවන් දැනුම් දෙන දිනයේදි ප්‍රාදේශීය ලේකම් ඉදිරියේදි වාචික ප්‍රකාශ ලබා දිය යුතු බැවින් දැනුම් දෙන දිනයේදි ජාතික හැදුනුම්පත ද රැගෙන පැමිණිය යුතුය.

දීමනාපත්‍ර කොන්දේසි ලිහිල් කිරීම

අවශ්‍ය ලේඛන

  • දීමනාපත්‍රකරුගේ ඉල්ලීමේ ලිපිය
  • ඇමුණුම 1 ආකෘතිය මගින් පළාත් ඉඩම් කොමසාරිස්ගේ අනුමැතිය ලද පසු ඇමුණුම 2 ආකෘතියට දිමනාපත්‍රකරු අත්සන් කිරීම සාක්ෂීකරුවන් දෙදෙනෙකුගේ අත්සන් ගැනීම.
  • මුල් ඔප්පුව රජයට භාර දීම.
  • පියවර ගණනාවක් යටතේ නව දීමනා පත්‍රය සකස් කළ පසු රන්බිම සේවා ගාස්තු ලෙස රු.100/- ක් අයකර නව දීමනාපත්‍රය භාර දීම.

ඉඩම් බැහැර කිරීම

අවශ්‍ය ලේඛන

  • රජයේ ඉඩමක අයිතිය පැවරීම ලෙස ආකෘතියක් අමුණා ඇත.

දීමනාපත්‍රය අනුමත කර ඇති බැංකුවල ඇපයට තබා ණය ලබා ගැනීමට කටයුතු සලසා දීම

අවශ්‍ය ලේඛන

  • ප්‍රාදේශීය ලේකම් වෙත කරනු ලබන ඉල්ලී‍මේ ලිපිය.(මෙයට අදාල බැංකු ශාඛාවේ නම හා ලිපිනය)
  • මුල් දීමනා පත්‍රය හා පිටපතක්.
  • පත්ඉරු සටහන්
  1. 3. රජයේ ඉඩම් හා රක්ෂිත අනවසර අල්ලා ගැනීම වැලැක්වීම හා රක්ෂිත ඉඩම් සඳහා වාර්ෂික බදු ලබා දීම්
  1. 4. රජ‍යේ ඉඩම් විවිධ ආයතන සඳහා දීර්ඝකාලීන බදු ලෙස ලබා දීම.

අවශ්‍ය ලේඛන

  • ඉල්ලීමේ ලිපිය
  • පිඹුර
  • බදුගෙවන බවට දිව්රුම් ප්‍රකාශ
  • පළාත් පාලන එකඟතාවය
  • 17,14 පරිශිෂ්ඨ
  • සංවිධානයේ ව්‍යාපෘති වාර්තාව
  • සංවිධානයේ ව්‍යවස්ථාව
  1. 5. ජනපද ඉඩම්වල ජනපදලාභින්ගේ ජීවන තත්වය හා සමාජ ආර්ථික තත්වය ගොඩනැංවීම සඳහා සංවර්ධන ක්‍රියාත්මක කිරීම.

අවශ්‍ය ලේඛන

  • ව්‍යාපෘති යෝජනාව පළාත් ඉඩම් කොමසාරිස් වෙත ඉදිරිපත් කර පළාත් සභා හෝ උපමානපාදක ව්‍යාපෘතියන් යටතේ අනුමත කරවාගත් පසු එම ප්‍රතිපාදන වලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීම.

රජයේ ඉඩමක අයිතිය පැවරීම

ස්වර්ණභූමි, ජයභූමී, රන්බිම දීමනාපත්‍රලාභී ඉඩම් හිමියෙකුට එම ඉඩමේ අයිතිය වෙනත් අයෙකුට පැවරීමේදී ඒ සඳහා පහත සඳහන් සුදුසුකම් තිබිය යුතුය.

  • පැවරුම්ලාභීයා දීමනාපත්‍රකරුගේ ලේ ඥාතියෙකු වීමේ හෝ පැවරුම්ලාභියා ඉඩම් නොමැති අඩු ආදායම්ලාභියෙකු විය යුතුය
  • ඉඩමෙන් කොටසක් පමණක් පවරණූ ලබන්නේ නම් එම ඉඩම් සඳහා වූ දීමනාපත්‍රය අතුරු‍ බෙදීම් වලට අවසර ඇති දීමනාපත්‍රයක් විය යුතුයි.(එසේ අතුරු බෙදීම්වලට අවසර නොමැති දීමනාපත්‍රයක් නම්,අතුරු බෙදුම් සඳහා අවසර ඇති දීමනාපත්‍රයක් බවට කොන්දේසි වෙනස් කර ගත යුතුය.එසේ වීමට නම් ඉඩමේ ප්‍රමාණය පර්චස් 15ක් හෝ ඊට වැඩි විය යුතුය.)

අවශ්‍ය ලියවිලි

  • ඉඩම් අයිතිකරුගේ ඉල්ලීම් ලිපිය.ලිපිය අයිතිකරු විසින් අත්සන් තබා(හෝ එම ස්ථානයේ ඇගිලි සළකුණු තබා) තිබිය යුතුයි.
  • පවරනු ලබන ඉඩමේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්
  • සතියක් වැනි කාලයකදී ලබා ගත් පත් ඉරු ( අවසාන පත් ඉරුව දක්වා තිබිය යුතුයි).
  • පැවරුම්ලාභීයා ලේ ඥාතියකු නම් පැවරුම්කරුට ඇති ලේ ඥාතීත්වය තහවරු කරන ලියවිලි.(උප්පැන්න,විවහ හා මරණ සහතික වලින් තහවරු ලබා ගත හැකිය)
  • පැවරුම්ලාභියාගේ ආදායම පිළිබඳ ග්‍රාම නිලධාරී වාර්තාව.
  • පැවරුම්ලාභියා සතුව ඇති වෙනත් ඉඩම් පිළිබඳ ග්‍රාම නිලධාරී වාර්තාව.
  • ඉඩමේ පැවරීම සම්බන්ධයෙන් එම උරුමකම් කියන අය විසින් (ස්වාමිපුරුෂයා,බිරිඳ හා දරුවන්) කරනු ලබන දිවුරුම් ප්‍රකාශයන්.
  • ඉඩම් පැවරීම නිසා පැවරුම්ලාභියා අසරණ, අනාථභාවයට පත් නොවන හා ඔහුට වෙනත් ඉඩම් ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් හා ඔහු නමින් ඇති වෙනත් ඉඩම්වල සහතික ඔප්පු පිටපත්.
  • පවරනු ලබන්නේ ඉඩ‍මෙන් කොටසක් නම්  බෙදා වෙන් කළ ඉඩම් කොටසට අදාල මිනින්දෝරු සැලැස්ම ඉදිරිපත් කළ යුතුය.
  • වෙනත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක ග්‍රාම නිලධාරීවරයකු මඟින් ලේකම් විසින් එම වාර්තා සහතික කර තිබිය යුතුය.

සියලුම සහතික වල මුල් පිටපත් ඉදිරිපත් කිරීම අවශ්‍යයි.

Scroll To Top