අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

29
ජන2024
Operations Manual & Office Programs

Operations Manual & Office Programs

Operations Manual   මෙහෙයුම් අත්පොත කාර්යාලයේ සියලුම...

10
නොවැ2022
e Magazine

e Magazine

  “මිහිරිසර”ඉ සඟරාව මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය...

31
මැයි2021
Information Center - DS Office Mirigama

Information Center - DS Office Mirigama

මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල වෙසෙන ඔබගේ...

  • විශ්‍රාම වැටුප් ගෙවීම්

    නව සිවිල් විශ්‍රාම වැටුප් සකස් කිරීම

    අවසාන වරට සේවය කල ආයතනයෙන් විශ්‍රාම වැටුප් ලිපිගොනුව අප කාර්යාලයට ලැබිමෙන් අනතුරුව විශ්‍රාමිකයා විශ්‍රාම වැටුප් සකස් කර ගැනීමට පහත සදහන් ලියවිලි අප වෙත ඉදිරිපත් කල යුතුය.

    1. විශ්‍රාමික හැදුනුම්පත සහා භාන්ඩාර 70
    2. පදිංචියට අදාල ග්‍රාම සේවක නිළධාරිගෙන් ලබාගත් පදිංචි සහතිකයක්
    3. බැංකු පොතේ මුල පිටුවේ ඡායා පිටපතක්
    4. විශ්‍රාමික ප්‍රකාශ පත්‍රය

    වැන්දඹු විශ්‍රාම වැටුපක් සකස් කිරිම

    1. සිවිල් විශ්‍රාම වැටුප විශ්‍රාමිකයා මියගිය මාසයේම නතර කිරිමට අප කාර්යාලයට දැනුම් දිම සහා මරණ පාරිතෝෂික ගොනුව අප කාර්යාලයට ලැබිමෙන් පසුව
    2. මරණ සහතිකයේ ඡායා පිටපතක් සහා වැන්දඹු අනත්දරු අංකය යොදා අප වෙත වැන්දඹු විශ්‍රාම වැටුප් ඉල්ලිම් ලිපියක් ඉදිරිපත් කරන්න.
    3. විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ වැන්දඹු අනත් දරු අංශයෙන් චැන්දඹු ලිපිගොනුව අප ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට එවු බවට ලිපියක් ලද විට පහත සදහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
    • විවහ සහතිකයේ මුල් පිටපත
    • නමේ වෙනසක් ඇතොත් දිවුරුම් සහතිකයක්
    • මරණ සහතිනයේ මුල් පිටපත
    • ගෙවන ලද විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍රයේ පිටපත
    • අව්‍ර21ට අඩු දරුවන්ගේ උප්පැන්න සහතිකය
    • 3 ¼, 2 ¼ ප්‍රමාණයේ ඡායා රූප තුනක් ග්‍රාම නිලධාරි ලවා සහතින කර තබා ගන්න
    • ඔබේ ජාතික හැදුනුම්පත ද කරුණාකර මා වෙත ඉදිරිපත් කරන්න
    • මේ සමඟ එවා ඇති කුඩා පෝරමය ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත් කරන්න
    • විශ්‍රාම වැටුප නවත්වන බවට අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබා ගත් ලිපියක්
    • වැන්දඹුවගේ/වැන්දඹු පුරුෂයාගේ උප්පැන්න සහතිකය

    එමෙන්ම විශ්‍රාම වැන්දඹු අරමුදලේ 15 පෝරමය සහා ග්‍රාම නිළධාරි වෙත ඉදිරිපත් කළ යුතු ලිපිය අප කාර්යාලයෙන් ලබා ගත යුතුය.

    අනත්දරු විශ්‍රාම සකස් කර ගැනීම

    1. 1. මරණ පාරිතෝෂිතය ගොනුව අප කාර්යාලයට ලැබීමෙන් පසුව
    2. 2. වැන්දඹු අනත්දරු ලිපිගොනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් අප කාර්යාලයට එවු බවට ලිපියක් ලද විට,අනත්දරුවා පහත සඳහන් ලියවිලිද රැගෙන අප කාර්යාලයට පැමිණීය යුතුය.
    • අනත්දරුවාගේ උප්පැන්න සහතිකය
    • මව සහ පියාගේ මරණ සහතික වල මුල් පිටපත්
    • මව සහ පියාගේ විවහ සහතිකය
    • අවු18 ට අඩු නම් භාරකරුවෙකු සමඟ 21 වැඩි5/1,6,7,8 අයදුම් පත් ඉදිරිපත් කල යුතුය

    අබාධීත විශ්‍රාම වැටුපක් සකස් කිරීම

    ලබා ගන්නා විශ්‍රාම වැටුප හෝ වැන්දඹු විශ්‍රාම වැටුප විශ්‍රාමිකයා මිය ගිය මාසයේම නතර කිරීමට අප කාර්යාලයට දැනුම් දිය යුතුය. පහත සඳහන් අයදුම්පත් ඉදිරිපත් කල යුතුය.

    • නිත්‍ය ආබාධිත දුබලතාවයට පත් අනත්දරුවන් සඳහා වු අබාධිත විශ්‍රාම වැටුප් ඉල්ලුම් පත ( අබා 01 ) සහ
    • අබාධීත බාලවයස් දරුවාගේ / දරැවන්ගේ භාරකරුවන් විසින් සැපයිය යුතු දිවුරුම් ප්‍රකාශයේ ( අබා 02 )
    1. අබාදිත මූලික පරික්ෂන සඳහා දැනුම්දෙන දිනයේදී හා වේලාවට අප කාර්යාලයට පැමිණිය යුතුය
    2. භාරකරුවෙකු අවශ්‍ය වන්නේ නම් එම පුද්ගලයාද මූලික පරික්ෂනයට පැමිණිය යුතුය

    උරුමක්කාර ගෙවීම සඳහා

    • විශ්‍රාම වැටුප හෝ වැන්දඹු විශ්‍රාම වැටුප නතර කිරීමට අප ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට දැනුවත් කිරීම
    • මරණ සහතිකයේ මුල් පිටපත
    • එම මුදල එක් අයකුට ගෙවීමට අනෙක් උරුමක්කරුවන් විරුද්ධබාවයක් නොමැති බවට ඔවුන්ගේ නම් සහ අත්සන් සහිත සමාදාන විනිශ්චයකරුවකු ඉදිරි‍ෙය් අත්සන් කරණ ලද ලිපියක්
    • (විවහක / අවිවාහක සෑම අයගේම)
    • පවුලේ උරුමක්කාරයින්ගේ නම් , මියගිය අයට ඇති ඥාති සම්බන්ධය, වයස, ස්ත්‍රී පුරුෂභාවය, ඇතුලත් පවුලේ අය සම්බන්ධ විස්තර ඇතුලත් ග්‍රාම සේවක වාර්තාවක් ( එය ප්‍රාදේශිය ලේකම් ? උප දිසාපති විසින් සහතික කල යුතුය)
    • පොදු 77 ආකෘති පත්‍රය
    • මෙම මුදල චෙක්පතකින් ගෙවනු ලබන බැවින් කරුණාකර ඔබේ බැංකු ගිනුමේ අංකය හා බාංකුවේ නම සඳහන් කරන්න
    • සිවිල් (භා සහ ගප 128)

    වැන්දඹු( භා සහ ගප 129)

    අබාධීත ( භා සහ ගප 130)

    විශ්‍රාම්ක හැදුනුම්පත් සකස් කිරීම

    පළුදු වූ විශ්‍රාමික හැදුනුම්පත් සඳහා නව විශ්‍රාමික හැදුනුම්පතක් නිකුත් කිරීම

    • පළුදු වූ හැදුනුම්පත
    • අඟල් 3 ¼ * 2 ¼ ප්‍රමාණයේ ඡායාපිටපත් දෙකක් ග්‍රාම නිළධාරී ලවා සහතික කර ගැනීම.
    • ඉල්ලීම් ලිපියක්

    නැතිවූ හැදුනුම්පත් සඳහා

    • හැදුනුම්පත නැතිවු බවට පොලිසියට කරන ලද පැමිනිල්ලේ පිටපතක්
    • ඉල්ලී‍ම් ලිපිය
    • අඟල් 3 ¼ * 2 ¼ ප්‍රමාණයේ ඡායාපිටපත් දෙකක් ග්‍රාම නිළධාරී ලවා සහතික කර ගැනීම.
    1. බැංකු ණය ලබා ගැනීම වැටුප් විස්තර නිකුත් කිරීම
    2. විශ්‍රාම වැටුප සං‍ශෝධිත ප්‍රධාන පත්‍රය ලැබී මාසයක් තුල විශ්‍රාම වැටුප සංශෝධනය කිරීම
    3. විශ්‍රාම ගොස් අවු 10ක් සම්පූර්ණ වූ විට අඩු නොකල වැටුපෙහි පිහිටවීම

සහතික පත්‍ර නිකුත් කිරීම

  1. අදායම් සහතික
  2. තක්සේරු වාර්තා
  3. වටිනාකම් සහතික
  4. පදිංචිය සනාථ කිරීමේ සහතිකපත (නිර්දේශ කිරීම)
  5. පදිංචිය හැරයාමේ සහතිකපත (නිර්දේශ කිරීම)
  6. පොලිස් සේවය සඳහා සහතික (නිර්දේශ කිරීම)
  7. ජල පහසුකම ලබාගැනීම සඳහා වූ සහතික
  8. විදුලිබල පහසුකම ලබාගැනීම සඳහා වූ සහතික

අවශ්‍ය ලිපි ලේඛන

ආදායම් සහතික නිකුත් කිරීම.

  1. ග්‍රාම නිලධාරිගේ නිර්දේශය සහිත ඉල්ලීමේ ලිපිය
  2. ආදායම් සනාථ කිරීමට අදාල ලේඛන

වටිනාකම් සහතික නිකුත් කිරීම.

  1. වටිනාකම් සහතිකය ඉල්ලීම සම්බන්ධ ඉල්ලුම් පත්‍රය
  2. වටිනාකම් සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් කරන අදාල සියලුම ලිපි ලේඛන
  3. ග්‍රාම නිලධාරි නිර්දේශය සහිත වාර්තාව
  4. වටිනාකම් සහතිකය ඉල්ලුම් කරන දේපල පිළිබඳ ඔප්පුව
  5. පිඹුරු පත
  6. ඉල්ලුම් කරන දිනට මාසයක් නොඉක්මවූ පත්ඉරු
  7. නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව

තක්සේරු වාර්තා නිකුත් කිරීම.

  1. එම දේපල සදහා තක්සේරු වාර්තාවක් ලබාදෙන ලෙස යම් නිලධාරියෙක් සේවය කරන ආයතනය විසින් කරනු ලබන ඉල්ලීම
  2. දේපල අයිතිකරුගේ එකඟතාවය දැක්වෙන ලිපිය
  3. නිශ්චල දේපල සම්බන්ධව අදාල ග්‍රාම නිලධාරි විසින් සපයනු ලබන තක්සේරු වාර්තාව
  4. එම දේපල පිළිබඳ ඔප්පුව
  5. නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව
  6. පිඹුර
  7. ඉල්ලුම් කරන දිනට මාසයක් නොඉක්මවූ පත්ඉරු

සිවිල් ලියාපදිංචිය

සිවිල් ලියාපදිංචිය

  1. උපත්/ විවාහ/ මරණ/ ලියාපදිංචිය
  2. වයස ආසන්න වශයෙන් සනාථ කිරීම සඳහා සහතිකපත් ලබාදීම
  3. ජාතික හැඳුනුම් පත (පෙර සැකසුම)
  4. විදේශ ගමන් බලපත්‍රය (පෙර සැකසුම)

අවශ්‍ය ලියවිලි

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම.

  • හැඳුනුම්පතක් ලබා ගැනීම සදහා අදාල ඉල්ලුම් පත්‍රය (නව හැඳුනුම්පත - පු. ලි.දෙ.වි. 1, අනු පිටපතක් ලබා ගැනීම - පු.ලි.දෙ.වි. 7, හැඳුනුම්පත සංශෝධනය - පු.ලි.දෙ.වි. 8 )
  • වයස අවු. 50ට අඩු අයදුම්කරුවන් සදහා උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපතක්
  • වයස අවු. 50ට වැඩිනම් උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති නම් ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන හා විකල්ප ලේඛන ( පාසල් හැරයාමේ සහතිකය, බෞතිස්ම සහතිකය, අයදුම්කරුගේ උපන් දිනය සඳහන් දරුවෙකුගේ උප්පැන්න සහතිකය, උප්පැන්න සහතිකයේ උපුටාගත් සටහන, වතු හැරයාමේ සහතිකය, විදේශ ගමන් බලපත්‍රයේ අදාල පිටුවල සහතික කළ පිටපත්, වතු අධිකාරි විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත, ජන්ම පත්‍රය ) හැකි පමණ
  • විදේශයකදි උපත ලද්දකු නම් පුරවැසි සහතික
  • වර්ණ ඡායාරූප 6 (13/8 ” * 7/8 ”)
  • මුල්වරට හැඳුනුම්පතක් අයදුම් කරන්නේනම් අයදුම්කරුගේ මව/ පියා/භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ ග්‍රාම නිලධාරි සහතික කළ ඡායා පිටපත
  • ස්වාමිපුරුෂයාගේ නම ලබා ගැනීම සදහා විවාහ සහතිකය
  • බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් නම් සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
  • බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක්ව සිට උපැවිදිව ඇත්නම් බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය
  • හැඳුනුම්පතට රාජකාරි තනතුර ඇතුළත් කළයුතු නම් මාස 03 කාලයක් ඇතුළත ලබාගත් සේවා සහතිකයක්
  • නැති වූ හැඳුනුම්පතක් පිළිබඳව නම් පොලීසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත
  • සශෝධන හැඳුනුම්පතක් නම් දැනට භාවිතා කරන හැඳුනුම්පත
  • මුද්දර, අවු. 16-17 රු. 3/=, අවු. 17ට වැඩි රු. 13/= සංශෝධන හා නැති වූ රු. 15/=
  • විධිමත් දිවුරුම් ප්‍රකාශය මුද්දර සහිතව (අවශ්‍ය වන්නේ නම්)

උප්පැන්න සහතිකයක නමක් ඇතුළත් කිරීම/වෙනස් කිරීම

අවු 7 ට වැඩි අය සඳහා

  • ක්‍රිස්තියානි සහතිකය-ශිෂ්‍ය කාර්ය දර්ශකය
  • පුවත් පත් දැන්වීම - බැංකු පොත
  • ජාතික/තැපැල් හැදුනුම් පත - විවහ සහතිකය
  • රජයේ හෝ වෙනත් ආයතනයකින් ලබා ගන්නා ලද විස්තර වාර්තාව
  • ඡන්ද නාම ලේඛනයේ සහතික කල පිටපතක්

ඉහත ලියවලි වලින් අවම වශයෙන් තුනක් වත් ඉදිරිපත් කල යුතුය

ඊට අමතරව

  • අදාල ඉල්ලුම් පත්‍රය
  • සංශෝධනය කල යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
  • නම් දෙකින්ම හැදින්වෙන්නේ එකම පුද්ගලයකු බවට අදාල ප්‍රාදේශීය ලේකම් අනු අත්සන සහිත ග්‍රාම නිළධාරී ලිපිය.

සැ.යු

  • නම වෙනස් කිරීමට අදහස් කරන්නේ වයස අවුරුදු 21ට අඩු කෙනෙකුගෙ නම් එම ප්‍රකාශය ඉදිරිපත් කළ යුත්තේ එම අයගේ මව/පියා/භාරකරු විසින්ය.
  • අළුත් නම අවම වශයෙන් වර්ෂයක් වත් භාවිතා කර තිබීම අන්වාර්ය වේ.

අවු 7ට අඩු දරුවකුගේ

  • සංශෝධනය කළ යුතු උප්පැන්න සහතිකයක මුල් පිටපත
  • දෙමව්පියන්ගේ විවහ සහතිකය
  • මව‍ ‍/ පියාගේ ජාතික හැදුනුම්පත
  • අදාල සංශෝධනයට මව හා පියාගේ විරෝධතාවයක් නොමැති බවට දිව්රුම් ප්‍රකාශය.

මෙම ප්‍රකාශ පත්‍රය භාරදිය යුත්තේ දරුවාගේ මව/පියා/භාරකරු විසින්ය.

ප්‍රකාශ පත්‍ර ශාර දීමට සද්‍රදා හෝ බදාදා දිනයන්හී පමණක් පැමිණිමට කාරුණික වන්න.

උප්පැන්න සහතිකයක මවගේ තීරයේ සිදුවී ඇති වැරැද්දක් නිවැරදි කිරීම

  • නිවැරදි කළ යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපත
  • මවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
  • මවගේ ජාතික හැදුනුම්පතේ පිටපත
  • දෙමව්පියන්ගේ විවහ සහතිකයේ මුල් පිටපත

උප්පැන්න සහතිකයක පියාගේ තීරය,මුත්තාගේ තීරය හා උප්පැන්න සහතිකයකට විවහක බව ඇතුළත් කිරීමට / නිවැරදි කිරීමට

  • නිවැරදි කළයුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපත
  • පියාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
  • දෙමපියන්ගේ විවහ සහතිකයේ මුල් පිටපත
  • මවගේ / පියාගේ ජාතික හැදුනුම්පත් පිටපත්

කල්ගත වූ උපත් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියවිලි

  • උපත් විස්තරය(මුල් පිටපත)
  • අත් එන්නත් කාඩ් පතේ ඡායා පිටපත
  • දෙමව්පියන් විවාහකනම් විවාහ සහතිකයේ මුල්පිටපත
  • දෙමව්පියන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත්
  • මව හා පියාගේ ජාතික හැදුනුම්පත් ඡායා පිටපත්
  • උපත සිදු වී    අවු 1ට අඩු නම් රු50 ක මුද්දර
  • අවු 1ට වැඩි නම් රු100ක මුද්දර

ඉහත ලියවිලි රුගෙන මව පියා දරුවා සමඟ දිස්ත්‍රික් රෙජිස්ටාර් අංශයට පැමිණිමට කාරුණිකවන්න.

කල්ගත වූ මරණ ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියවිලි

  • රෝහලක මිය ගායේ නම් රෝහලේ මරණ ප්‍රකාශයේ මුල් පිටපත.
  • ග්‍රාම නිලධාරී සහතිකය
  • ශෝක ප්‍රකාශ/මරණ දැන්වීම් වැනි දෑ
  • මිනිපෙට්ටිය ගත් රිසිට් පත
  • ආගමික වතාවත් කල විහාරාධිපති හිමිගේ/දේවගැතිතුමාගේ ලිපිය
  • මරණය සිදු වී අවු1ට අඩු නම් රු 50 මුද්දර / අවු 1ට වැඩි නම් රු 100 මුද්දර
  • ප්‍රකාශකගේ උප්පැන්න සහතිකය / විවාහ සහතික හා ජාතික හැදුනුම්පත් පිටපත

ඉහත ලියවිලි රැගෙන සදුදා හෝ බදාදා දිනෙක දිසිත්‍රික් රෙජිස්ටාර් අංශයට පැමිණිමට කාරුණික වන්න

Scroll To Top